ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව ප්‍රාදේශිය ලේකම්වරු දැනුම්වත් කෙරේ

    නොවැම්බර් 02, 2015
     
    මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම්වරු දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ   ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    “මතින් නිදහස් රටක් “ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව පැවැත්වු මෙම වැඩ සටහනේදී මෙහි දී මත්පැන් හා දුම්වැටි වලින් වළකිමු සහ මතින් නිදහස් රටක් සදහා අපේ අනාගත පරපුර සූදානම් කරමු යන මැයෙන් දේශන පවත්වන ලදි.
     
    මෙම වැඩසටහනේ සම්පත් දායකයින් වශයෙන් වෛද්‍ය රෝහිත ඇළපාත මහතා සහ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා සහභාගි වූහ.
     
    මේ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් 
    පිරිසක් සහභාගි වූහ.
     
    AP/DMU-Matara
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya