ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වරප්‍රසාදවලට යටත් වී ව්‍යාපාරිකයින්ගේ නම් හෙළි කිරීම වැරදියි - අමාත්‍ය දයා ගමගේ

    නොවැම්බර් 07, 2015

    රජයේ ප්‍රතිපත්තිය විය යුත්තේ, ව්‍යාපාරිකයින්ගේ අඩුපාඩු හුවා දක්වමින් ඔවුන් බිඳ හෙළීමට ඉඩ සැලසීම නොව, ඔවුනගේ අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා හැකි පරිදි දිරිගැන්වීම බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් කුරුඳු අපනයනයේ නිරත ව්‍යාපාරිකයින් අතරින් යම් ගැටළු පවතින ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් හෙළි කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

     

    එම ව්‍යාපාරිකයින්ගේ නම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කරමින් එතුමා කියා සිටියේ, එම ව්‍යාපාරිකයින්ගේ නම් හෙළි කිරීම තුළින් කූඨ ව්‍යාපාරිකයින් අතලොස්සක් හේතුවෙන් බහුතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ද සමස්තයක් ලෙස රටට ද යම් අපහසුතාවකට පත්වීමට සිදු වනු ඇති බව තමාගේ විශ්වාසය බවයි. එවැනි හෙළි කිරීම් තරඟකාරී ව්‍යාපාරිකයින් විසින්තමන්ට වාසිදායක ලෙස භාවිත කරමින් අයථා ප්‍රතිලාභයක් අත් කර ගනු ඇති බව ද එතුමා කියා සිටියේය. මන්ත්‍රී වරප්‍රසාදයන්ගෙන් ආවරණය වන මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමේ දී මෙවැනි කරුණු සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන්නේ නම් එය ව්‍යාපාරිකයින්ගේ අනාගතයට සුදුසු තත්ත්වයක් නොවනු ඇති බව ද එතුමා පැවසීය.

     

    එසේම, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ගැටළු පවතින බව පවසමින් ශ්‍රී ලංකාවේ තරගකාරී රාජ්‍යයන් ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා නිෂ්පාදනයන් හෑල්ලූ කිරීමට මෙවැනි ප්‍රකාශයන් දඩමීමා කර ගැනීමේ අවධානමක් පවතින බව ද දයා ගමගේ මැතිතුමා සඳහන් කළේය.

     

    මේ වන විට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන කුරුඳු නිෂ්පාදන අතරින් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් ලෝක සම්මතයන්ට අවනත නොවන බව පවසමින් විවිධ ප්‍රතික්ෂේප කිරීම් වලට භාජනය වී තිබේ. එවැනි තත්ත්වයක් අනාගතයේ දී සිදු නොවීමට, අවශ්‍ය පුහුණුව සහ ලෝක නිර්ණායකයන්ට අනුව නිෂ්පාදන සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන දැනුම නිෂ්පාදකයින් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටියි. එසේම, දේශීයව මෙන්ම විදේශීයව ද පවත්වාගෙන යා යුතු ප්‍රමිතීන් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්ට පුළුල් අවබෝධයක් ලබා දීමට අමාත්‍යාංශය මගින් කටයුතු කර තිබේ.

     

    මේ වන විට හඳුනාගෙන ඇති පරිදි කුරුඳු වගාව සඳහා සුදුසු කලාපයන් වන්නේ රත්නපුර, මාතර, ගාල්ල සහ කළුතර යන ප්‍රදේශයි. එම ප්‍රදේශ මූලික කර ගනිමින් හෙක්ටයාර් 32,000ක පමණ කුරුඳු වගා කර තිබේ. පසුගිය වසරේ දී පමණක් කුරුඳු ආශ්‍රිත නිස්පාදන මෙට්‍රික් ටොන් 13,951.4 ක් අපනයනය කර ඇති අතර එමගින් උපයා ඇති විදේශ විනිමය රුපියල් මිලියන 18,259.3 කි.

     

    කුරුඳු වගාවේ සහ නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම වෙනුවෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ දී පුහුණු වැඩසටහන් 505 ක් ක්‍රියාත්මක කර තිබේ. මේ හරහා විධිමත් පුහුණුව ලැබූවන් සංඛ්‍යාව 13,114 කි.

     

    තවද, ඉදිරියේ දී නව රජයේ රැකියා දස ලක්ෂය ව්‍යාපෘතිය යටතේ මෙම අංශයේ ද නව පුහුණු රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා එහිදී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya