ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කිසිදු පැකිළීමකින් තොරව විදෙස් ආයෝජකයින් ශ්‍රී ලංකාවට එවන්න - මුදල් අමාත්‍ය

    නොවැම්බර් 09, 2015

    වර්තමානයේ කිසිදු පැකිළීමකින් තොරව, විදෙස් ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

    ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපය භාර උපාය මාර්ගික හා මෙහෙයුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අකිහිකෝ නිෂිඕ (Akihiko Nisio) මහතා පසුගිය දා (05) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මුදල් අමාත්‍යංශයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, ලෝක බැංකුවේ උපාය මාර්ගික ක්‍රමවේදයන් හා ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව අවධානය යොමුවිය.

     

    මෙම ගුණාත්මක පරිසරය පිළිබඳව ලෝක බැංකුව ලබා දෙන නිර්නායකයන් විදෙස් ආයෝජකයින්ට ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

     

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව තුළ පවතින විශ්වාසනීයභාවය, නව රජය බලයට පත්වීමත් සමග ශක්තිමත් වූ බව පෙන්වා දුන් රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකුව නිරන්තරයෙන් ලබා දෙන සහය අතිශයින් අගය කරන බව ද සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා සඳහා පවතින නම්‍යශීලී පසුබිම වර්ධනය වෙමින් පවතින බව ලෝක බැංකුව නවතම වාර්තාවලින් පෙන්වා දී තිබේ.


     
    ලෝක බැංකුවේ අලුත්ම දත්තවලට අනුව, දකුණු ආසියානු කලාපයේ රාජ්‍යයන් අතුරින් ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා සඳහා වන පසුබිම, 2015 වසරට සාපේක්ෂව එළඹෙන 2016 වසරේදී ඉදිරියට පැමිණෙනු ඇත.

     

    2015 වසරේදී, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කරලීමේ ප්‍රතිශතය 57.5% කි. එය 2016 වසරේදී 58.96% දක්වා ඉහළ යන බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වේ. දකුණු ආසියානු කලාපයේ ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පහසු පසුබිම සැකසී ඇති රාජ්‍යයන් අතුරින් ශ්‍රී ලංකාව දැනට පසුවන්නේ 113 වැනි ස්ථානයේ ය. එහෙත්, මෙම අගය ලබන 2016 වසරේදී 107 දක්වා තව දුරටත් අඩුවෙමින් ව්‍යාපාරික පරිසරය ශක්තිමත් කරනු ඇති බවට එම වාර්තා  පෙන්වා දී ඇත.

     

    කලාපයේ ව්‍යාපාරික කටයුතු පහසු රාජ්‍යයන් අතුරින් පෙරමුණේ පවතින්නේ  භූතානයයි. භූතානය දැනට පසු වන්නේ 71 ස්ථානයේ ය. නේපාලය 99 ස්ථානයේත්, මාලදිවයින 128 වැන්නේත්, ඉන්දියාව 130 වැනි ස්ථානයේත් පසුවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya