ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මඩකලපුව මහාධිකරණ සංකීර්ණය හෙට විවෘත වෙයි

    නොවැම්බර් 12, 2015

    මඩකලපුව මහාධිකරණ සංකීර්ණය හෙට (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    වසර 30කට අධික කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ආ පැරණි මඩකලපුව අධිකරණ ගොඩනැගිල්ල වෙනුවට වඩාත් කාර්යක්ෂම අධිකරණ සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සියලු පහසුකම්වලින් සම්පුර්ණ නව මඩකලපුව මහාධිකරණ සංකීර්ණ විවෘත වේ.

    රුපියල් මිලියන 175ක වියදමින් ඉදිකල නව අධිකරණ සංකීර්ණය අධිකරණ විනිසුරුවරුන්ගේ හා නීතීඥවරුන්ගේ කාර්යාල කටයුතු වඩාත් පහසුවෙන් ඉටු කර ගත හැකි පරිදී ඉදිකිරීම් සිදු කර තිබේ.

    එසේම මහජනතාවටද වඩාත් පහසුවෙන් අධිකරණ කටයුතු වලට සහභාගී වීම සඳහා ඉඩකඩවලින් සහ නව අධිකරණ සංකීර්ණයේ නීතිඥවරුන්ගේ හා විනිසුරුවරුන්ගේ රථගාල්, ශ්‍රවණාගාර, පොලිස් ආරක්ෂක මුරකුටි හා පොදු වැසිකිලි පහසුකම් වලින් සමන්විතය.

    නැගෙනහිර ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යන උසාවිවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 600ක් වැය කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශව වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya