ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ සරසවිය සංචාරක හා හෝටල් කළමනාකරණ පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

    නොවැම්බර් 14, 2015

    කොළඹ සරසවිය 2016/2017 අධ්‍යයන වර්ෂයේ සංචාරක, සංචරණ, ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව සහ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා ඇත.

    සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ට අවශ්‍ය න්‍යායික, සංකල්පමය හා විශ්ලේෂණාත්මක ප්‍රවීණතාවය ලබා දෙමින් ඔවුන්ගේ වෘත්තීයමය හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් මෙම පාඨමාලා ආරම්භ කෙරේ.

    මෙම පාඨමාලා තුළින් සංචාරක කර්මාන්තයේ තීරණ ගන්නන්, සැලසුම්කරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා වෙළඳපොළ විශ්ලේෂකයින් සහ සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය නව ව්‍යවසායකයින් බිහි කිරීමට අපේක්ෂා කෙරේ.

    අයදුම්පත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ www.cmb.ac.lk/academic/arts/econ හෝ www.uoctourism.com වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගත හැක. සම්පූර්ණ කරන ලද අයදුම්පත් මෙම මස 30 වන දිනට පෙර ලැබෙන සේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය, රීඩ් මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය.

    පාඨමාලා පිළිබඳ වැඩිවිස්තර 0112502722 හෝ 0112582666 දුරකථන අංකයට ඇමතීමෙන්, www.uoctourism.com හෝ www.sltda.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකි බව පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya