ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සමෘද්ධියේ පුරප්පාඩු 7,000 ක් පිරවීමට යයි.

    නොවැම්බර් 16, 2015
     
    සමෘද්ධි වැඩසටහන ශක්තිමවත්ව පවත්වාගෙන යෑම සදහා ඉදිරියේදී  පුරප්පාඩු 7,000ක්   පිරවීමට කටුතු කරන බවත්,  පුරප්පාඩු පිරවීමේදී  අදාල කොට්ඨාසයෙන්ම පමණක් බදවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.  
    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ  මහනුවර උඩරට කලාසංගම් ශාලාවේ  පැවැති සමෘද්ධී ලාභීන්ට ප්‍රතිලාභ බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමිනි. 
     
    දැනට දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1,074 ක්  නවීකරණය කිරීමටත්, නවතාක්ෂණය හදුන්වාදීමටත් කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා සමෘද්ධි ව්‍යාපාරය සතුව රුපියල් බිලියන 139 ක මුදලක තැන්පතු වශයෙන් පවතින බවත් පෙන්වා දෙන ලදී. එම මුදලින් ග්‍රාමීය ජනතාවට  අඩු පොලියට ණය ලබාදෙමින්  ග්‍රාමීය ආර්ථිකයේ  පිබිදීමක් ඇති කිරීමට කටයුතු කරන බවද පැවසු අමාත්‍යවරයා සමෘද්ධී නිලධාරීන්ට  8%ක පොලියට  රුපියල්  ලක්ෂ 10ක ණය මුදලක් ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.  සමෘද්ධි නිලධාරින්ට විධිමත් උසස්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවත්  දැනට පවතින දිවිනැගුම යන නාමය වෙනුවට ඉදිරියේදී සමෘද්ධි යන නාමය නැවතත් ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවැසීය. 
     
    මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද,  සමෘද්ධීලාභින් පිරිසක්ද සහභාගි වී සිටිහ. 
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya