ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දරුවන් ආරක්ෂා කිරීම දෙමවුපිය, ගුරුවරුන්ගේ වගකීමක් - ජනමාධ්‍ය ඇමැති

    නොවැම්බර් 17, 2015

    ළමයි ආරක්ෂා කිරීමට දෙමවුපියන් සහ ගුරුවරුන් වෙත ප්‍රධාන වශයෙන් වගකීම පැවරෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එසේම ළමයා ගැන වාර්තාකරණයේදී මාධ්‍යයට ද දැඩි විනයක් තිබි යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    2014 වර්ෂය වෙනුවෙන් වදුරඹ මධ්‍ය මහා විදුහලේ විවිධ අංශ ඔස්සේ දක්ෂතා ‍දැක්වූ දරුදැරියන් ඇගයීමේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.  

     

    දරුවා පිරිපුන් අයෙකු කිරීමට ක්‍රීඩාව ද අවශ්‍ය බවත් අද තිබෙන තරගකාරීත්වයත් සමඟ විවිධ අංශ වෙත බලෙන් දරුවන් යොමුකිරීමට දෙමාපියන් උත්සාහ ගන්නා බවත් ඕනෑම පුද්ගලයකු පරිපූර්ණ වීමට විෂය හා විෂය පරිබාහිර දැනුම අවශ්‍ය බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

     

    තවදුරටත් සභාව ඇමතූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

     

    “නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරපත් කරල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා පැවසුවේ අපේ රටට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඕනෑකරන්නේ නිදහස් අධ්‍යාපනය බවයි. පිරිමි දරුවකුට අධ්‍යාපනය ලබාදීම කන්නන්ගර මැතිතුමා කිව්වේ එක් පුද්ගලයකුට අධ්‍යාපනය ලබාදීමක් ලෙසයි. ඒ වගේම එතුමා ගැහැණු ළමයකුට අධ්‍යාපනය ලබාදීම මුලු පවුලටම අධ්‍යාපනය ලබාදීමක් ලෙස පැවසුවා. වරක් ප්‍රංශ ජාතික අධ්‍යාපන ඇමතිවරයෙක් පැවසුවා ඉ‍ගෙන ගන්න නැත්නම් පිටවනු කියල. නමුත්  අපේ නිදහස් අධ්‍යාපණයේ පියා ලෙස විරුධාවලිය ලත් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා කිව්වේ ඉගෙනගෙන පිටවනු කියල. ඒ දරුවකුගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කර විනය ගරුක නීතිගරුක දරුවකු  බවට පත්කරන්නේ පාසල බව එතුමා දැන සිටි නිසයි.

     

    අද අධ්‍යාපනය නිපුණතා කේන්ද්‍ර කරගත් එකක්. එමගින් දරුවකුගේ සංනිවේදනය, පෞරුෂ වර්ධනය, පරිසරය, වැඩ ලෝකයට සූදානම් වීම, ආගම ආචාරධර්ම, ක්‍රීඩාවේ යෙදීම, ඉගෙනුමට ඉල්ලුම යන නිපුණතා හත ඔස්සේ අධ්‍යාපනය සංවර්ධනය වෙනවා. පාසල් අධ්‍යපනය වෙනුවෙන් රජය විසින් කලයුකු කාර්යය අප හොදින් තේරුම් ගෙන සිටින නිසා පසුගිය හැම රජයක්ම කළාක් මෙන් මේ රජයත් අධ්‍යාපනයට වෙන්කල යුතු මුදල් ප්‍රමාණය වැඩිකරන්න පියවර ගත්ත. ඒ වෙනුවෙන් මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ගාල්ලේ සිට කොළඹට පෙළපාලි ගියා රජය අධ්‍යාපනයට  වෙන්කලයුතු මුදල් ප්‍රමාණය වැඩිකල යුතුයි අධ්‍යාපනය පිළිබඳ රජයේ අවධානය වැඩිකල යුතුයි කියල. නව රජය ඒ හඩට සවන් දුන්න. මෙවර අයවැයෙන් ද ඒ මුදල වැඩිකිරීමට පියවර ගන්නවා.”

     

    මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, පළාත් මන්ත්‍රී සුමනසිරි ලියනගේ, වදුරඹ මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිනී ඩී. කේ. චන්ද්‍රාණි අමරසිංහ ඇතුළු දෙමාපිය හා ගුරු පිරිසක් එක්වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya