ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික් කම්කරු කාර්යාල අධීක්ෂණය කෙරේ

    නොවැම්බර් 18, 2015
    සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්ති භාරකාර අරමුදල් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කලේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කටයුතු පිළිබදව නිරික්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
     
    එහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මේ රටේ ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්ති භාරකාර අරමුදලේ එකතුව මේ වන විට ට්‍රිලියන 1.7ක්  පමණ වෙනවා. එම මුදල් ජනතාවගේ සේවය සදහාම යෙදවිය යුතුයි. රජයේ මධ්‍ය කාලීන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල යටතේ මෙම අරමුදල් එකතු කර විශ්‍රාම වැටුපක් ලබාදීමට අදහස් කර තිබෙනවා.
     
    මේ පිළිබදව විවිධ පාර්ශවයන් විවිධ අදහස් දැක්වුවත් වෘත්තීය සමිතිවලත් අදහස් විමසීමට කටයුතු කරන අතර ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා. අද රාජ්‍ය අංශයේ රැකියා සදහා විශාල පිරිසක් යොමු වන්නේ එහි ඇති විශ්‍රාම වැටුප නිසයි. පෞද්ගලික අංශයටත් විශාම වැටුප් ක්‍රමයක් හදුන්වා දුන්නොත් ඒ අයගේ ජීවන මට්ටමත් ආරක්ෂා වෙනවා.
    අද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කම්කරු කාර්යාල අධික්ෂණය කිරීම ආරම්භ කලා. මේ ආකාරයට මුළු දිවයිනේම දිස්ත්‍රික් කම්කරු කාර්යාලවල අඩුපාඩු සොයා බලා කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවැසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න, කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, කෑගල්ල සහකාර කම්කරු කොමසාරිස් කේ.ජී.ජේ.බී කුරුකොහුතැන්න යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya