ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් ආරවුල් විසදීම සඳහා සමථ මණ්ඩල පිහිටුවීමට පියවර

    නොවැම්බර් 18, 2015

    ඉඩම් සන්තකය හෝ අයිතිය සම්බන්ධ ආරවුල් විසදීම පිළිබඳව සමථ මණ්ඩල පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.  මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ 2003 අංක 21 දරණ සමථ මණ්ඩල පනතේ දෙවන වගන්තිය යටතේයි. ඒ අනුව මුලික වශයෙන් දිස්ත්‍රික්ක 5ක සමථ මණ්ඩල පිහිටුවීමට අපේක්ෂා කෙරේ. ඒ අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්ක තුළයි.

    සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් සිදුකරන මෙම නව වැඩපිළිවෙළ සඳහා සමථකරුවන් පත්කිරිමට නාමයෝජනා කැඳවා තිබේ. එම නාමයෝජනා ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා, අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත ලබාදිය යුතුය.


    සමථ මණ්ඩල ප්‍රදේශයේ රාජකාරි කරන හෝ එහි පදිංචි තැනැත්තෙක්, පිළිගත් වෘත්තිය ආයතනයකින් ලබාගත් වෘත්තිය සුදුසුකම් ඇති තැනැත්තෙක්, රාජ්‍ය සේවයේ සේවයේ නියුතු හෝ සේවය කර ඇති තැනැත්තෙක්, අධි සුදුසුකම් සපුරන තැනැත්තන්ට මෙම නාමයෝජනා ලබාදිය හැකියි.

     

    මේ පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමේ රැස්වීමක් ඊයේ (17) අනුරාධපර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඒ අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදි ඉඩම් ආරවුල් සම්බන්ධ නව සමථකරණ වැඩපිළිවෙළ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය අනුෂා මුණසිංහ මහත්මිය හා ඉඩම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්.බි.එස්.බී. දයාරත්න මහතා විසින් පැහැදිලි කළේ ය.

     

    මෙම සමථ මණ්ඩල ක්‍රමය ආරම්භ කිරිමෙන් පසුව ආරවුලට සම්බන්ධ අයට සෘජුව තම ගැටළු ඉදිරිපත් කළ හැකි අතර මීට අමතරව ඉඩම් සම්බන්ධ ආයතන මගින් හා අධිකරණය මගින් ද ඉඩම් සම්බන්ධ ගැටළු විසදීම සඳහා සමථ මණ්ඩලයට යොමුකළ හැකිය.

     

    මෙම අවස්ථාවට එක්වු උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස්වරයා පැවසුවේ, නිසි පරිදි ඉඩම් මැනීම් කටයුතු සිදුකර නොමැති නිසා බොහෝ ඉඩම් ගැටළු මතුවී තිබෙන බවයි.

     

    මෙහිදී අදහස් දැක්වූ මහ දිසාපති ඩි.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවේ, සමථකරණ ක්‍රියාවලියේ දී ඉඩම් සම්බන්ධ ආරවුල් වලට සම්බන්ධ පාර්ශවයන්ට පවතින තත්ත්වය හෝ නිසි පරිදි පැහැදිලි කර ඔවුන්ගේ මනස සකස් කිරිමේ කාර්යය ප්‍රබලව කළ හැකි බවයි. එයින් යම් යම් කැපකිරීම් සිදුකිරීම හරහා ගැටළුවට සම්බන්ධ දෙපාර්ශවයටම ජය අත්කර ගත හැකි තත්ත්වයක් ද නිර්මාණය කරගත හැකි යැයි  ද මහ දිසාතිවරයා සඳහන් කළේය.

     

    SDF/dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya