ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගම්මිරිස් වගාව වැඩිදියුණු කර ඉහළ අපනයන ආදායමක් වෙනුවෙන් පියවර ගැනේ

    නොවැම්බර් 19, 2015

    ගම්මිරිස් වගාකරුවන් හා අපනයනකරුවන් මුහුණ දී ඇති ගැටළු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, මහනුවර ගැටඹේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවති රැස්වීමක දී කියා සිටියේය.

    වගාකරුවන්ගේ අස්වැන්න වෙනුවෙන් ඉහළ ස්ථාවර මිලක් පවත්වාගෙන යා හැකි පරිදි අපනයන ප්‍රමාණය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

     

    එසේම, අපනයන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ දැමීම සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අවශ්‍ය අවධානය සහ අවකාශය සකසා ගැනීම සඳහා මේ වන විටත් තමා පුද්ගලිකවම මැදිහත් වී පියවර ගනිමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. අපනයන ප්‍රමාණය ඉහළ නැංවීම තුළින් අත්වන ප්‍රතිලාභ, අපනයනකරුවාට හෝ ගොවියාට පමණක් නොව සමස්තයක් ලෙස රටේ සෑම අංශයකට ඇති කරන වාසිදායක තත්ත්වය ද අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ කුරුඳු සහ තේ සඳහා ජාත්‍යන්තරය තුළ පවත්නා ඉල්ලුම සහ පිළිගැනීම අපනයනය කරනු ලබන සෑම කෘෂි බෝගයක් සම්බන්ධයෙන් ම ඇති කිරීමට පියවර ගැනීමේ තම අභිප්‍රාය වන බවයි. මේ සඳහා ගොවියා දිරිමත් කිරීමේ සහ ඔවුන් මුහුණ දෙන ගැටළු සඳහා සාධාරණ හා සාධනීය විසඳුම් ලබා දීමේ වැදගත්කම පෙන්වාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අපනයනකරුවන්, අතරමැදියන් හා නිෂ්පාදකයින් මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ සෑම පාර්ශවවයකටම සැකයකින් හෝ බියකින් තොරව මෙම ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ ව්‍යාපාර විශ්වසනීයත්වය ඇති කිරීම අත්‍යවශ්‍ය බවයි.

     

    ඉදිරි වසර පහ අවසන් වන විට මෙරට අපනයන ආදායම දෙගුණයක් කිරීමේ සහ නව රැකියා අවස්ථා ලක්ෂයක් උත්පාදනය කිරීමේ ජාතික වැඩපිළිවල යථාර්ථයක් කිරීමේ දී මෙම අංශයේ මැදිහත්වීම වඩා තීරණාත්මක වන බව ද දයා ගමගේ මහතා සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට පැමිණි අමාත්‍යතුමන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබීය.

     

    අපනයනකරුවන්ගේ හා ගොවීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අරුණ රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya