ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල මාසික ශිෂ්‍යාධාර වාරිකය රු.4,000 දක්වා ඉහළ නැංවීමට පියවර

    නොවැම්බර් 20, 2015

    මෙම විෂමතාව ඉවත් කිරීමේ සහ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආර්ථික අපහසුතාවලින් තොරව අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, මාසිකව ලබා දෙන ශිෂ්‍යාධාර වාරිකය රු.4,000/- දක්වා ඉහළ නැංවීමට පියවර ගැනේ. මේ සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

    වර්තමානයේදී මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට මාසිකව රු.5,000/-ක මුදලක් හිමිවන අතර, ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට ලැබෙනුයේ මාසිකව රු.2,500/-ක මුදලක් පමණි. දළ වශයෙන් සිසුන් 25,000ක් පමණ වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනෙන අතර, ඒ අතරින් සිසුන් 12,000කට පමණ මහපොළ ශිෂ්‍යත්වද සිසුන් 7,000කට පමණ ශිෂ්‍යාධාරද ලබා දෙනු ලැබේ.

     

    දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සංකල්පයක් මත මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය 1981 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර, එයට සමඟාමීව අඩු ආදායම් ලබන පවුල්වල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ලෙස මහා භාණ්ඩාගාරයේ අරමුදල් යටතේ විශ්වවිද්‍යාල මාසික ශිෂ්‍යාධාරය විශ්වවිද්‍යාල මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya