ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විසි වසරකට පසු ජනතාවාදී අයවැයක් - ඇමති දයා ගමගේ

    නොවැම්බර් 23, 2015

    වසර විස්සකට පසු, ජනතාවට හා ව්‍යාපාරිකයින් සුභවාදී අපේක්ෂාවන් සහ බලාපොරොත්තු දල්වාගත හැකි අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් දක්ෂයින්ට රටට වැඩ කළ හැකි පරිදි, යොදා ඇති 'රතු පටි' ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    පසුගිය සිකුරාදා (20) කුළුබඩු අපනයනකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ජාතික කුළුබඩු සංගමයේ වාර්ෂික මහා රැස්වීම අමතමින් අමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

     

    මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කෘෂිකර්ම හා ධීවර අධිකලාප ඇති කිරීමේ දී තම අමාත්‍යාංශයට වැඩි වගකීමක් පැවරී ඇති බව ද එමගින් නව රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීමේ ආණ්ඩුවේ අපේක්ෂාව සැබෑ කර ගත හැකි බව ද එතුමා සඳහන් කළේය.

     

    එසේම, කුළුබඩු අපනයනය තුළින් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද එතුමා කියා සිටියේය. දැනට ලෝක වෙළඳපොළ තුළ ඇති අවස්ථාවන් තුළින් ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඉතා අඩු ප්‍රතිශතයක් බව ද දයා ගමගේ මහතා පැවසීය.

     

    මෙම ඉලක්කයන් සපුරා ගැනීමේ දී කෘෂි නිෂ්පාදන හා බෝග වෙනුවෙන් අගය එකතු කිරීම උපක්‍රමික ප්‍රවේශයක් ලෙස භාවිත කළ හැකි වේ. නමුත්, අගය දාමයේ දී අප විසින් සපුරනු ලබන්නේ ඉතාම අඩු මැදිහත්වීමකි. කුළුබඩු අපනයනය හා වෙළඳපොළ පුළුල් කිරීම වෙනුවෙන් මෙය වඩා ඉවහල් වේ. තවද, රජයේ අරමුණ ජනතාවගේ ආර්ථීකය හා ආදායම ශක්තිමත් කිරීම තුළින් රටේ ආදායම වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

     

    මේ අතර, දැනට ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට බෝග අපනයන කර ඉන්දියාවේ දී විවිධ අගය එකතු කිරීම් හා නිෂ්පාදන බවට පත් කරන බව දක්නට ලැබේ. ඉදිරියේ දී රජයේ අරමුණ වන්නේ, විදේශයන් වෙත ප්‍රාථමික නිෂ්පාදන අපනයනය කිරීම වෙනුවට නිෂ්පාදන හා අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට රජය අපේක්ෂා කරයි යැයි ද අමාත්‍යතුමා පැවසීය.

     

    මෙම අවස්ථාවට ජාතික කුළුබඩු සංගමයේ නියෝජිතයින්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya