ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිදහසින් පසු ආර්ථිකයේ දෙවනි විප්ලවීය වෙනස මෙවර අයවැය තුළින් - අැමති රංජිත් මද්දුම බණ්ඩාර

    නොවැම්බර් 23, 2015

    නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ දෙවනි විප්ලවීය වෙනස ඇති කිරීටම මෙවර අයවැය තුළින් සම්මුතිවාදි ජාතික ආණ්ඩුවට හැකි වනු ඇති බව රාජ්‍ය පාරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ නිලධාරීන් 212 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අද (23) පැවති උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී ය.

     

    එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ අනාගතය පිළිබඳව විශාල වගකීමක් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට ඇති බවය.

     

    රටේ සංවර්ධනය වෙනුවෙන් රජය ඉදිරිපත් කරන්නා වූ ප්‍රතිපත්ති, තීන්දු හා තීරණ නිවැරදිව පාලනය කර රට ඉදිරියට ‍ගෙන යා හැක්කේ ද රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට බව ද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

     

    මෙම අවස්ථාවට රාජ්‍ය පාරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. තිලකසිරි මහතා, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සුජාන් නානායක්කාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya