ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුර මාර්ග 38ක් කාපට් කිරීම ආරම්භ වෙයි

    නොවැම්බර් 26, 2015

    රත්නපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන මාර්ග 38ක් ප්‍රාදේශීය වැඩසටහන තුළින් සංවර්ධනය කිරීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

    අමාත්‍යවරිය මේ අදහස් පළකළේ මෙහි පළමු වැඩසටහන ලෙස වත්තහේන- කහවත්ත මාර්ගය කාපට් කිරීමේ උත්සවයට පසුගියදා එක්වෙමිනි.

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙම වැඩසටහන ආරම්භ කරන අතර, එහි අධීක්‍ෂණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරයි.

    මේ යටතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කි.මි. 255 කාපට් කරන අතර, රුපියල් මිලියන 6,597 මුදලක් මේ සඳහා වෙන් කර ඇත. මේ යටතේ රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 2ක්ද, කුරුවිට මාර්ග 2ක්ද, ඇහැලියගොඩ මාර්ග 2ක්, කිරිඇල්ල මාර්ග 3ක්, අයගම මාර්ග 2ක්, ඇලපාත මාර්ගයක්, පැල්මඩුල්ල මාර්ග 4ක්, ඕපනායක මාර්ගයක්, වැලිගෙපොල මාර්ගයක්, බලංගොඩ මාර්ගයක්, ඉඹුල්පේ මාර්ග 4ක්, නිවිතිගල මාර්ගයක්, කොලොන්න මාර්ග 2ක්, ඇඹිලිපිටිය මාර්ගයක්, ගොඩකවෙල මාර්ග 2ක්, කහවත්ත මාර්ග 4ක් ඉදිකිරීමට නියමිතයි.

    කොන්ත‍්‍රාත් කාලසීමාව යටතේ ඉදිකිරීම සඳහා අවුරුදු 2ක් ගතවන අතර, නඩත්තුව අවුරුදු 3ක් පවතී. මේ සඳහා මූල්‍යාධාර සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya