ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උද්ඝෝෂණ කරලා රටක ප‍්‍රශ්න විසදෙන්නේ නැහැ - විදේශ රැකියා ඇමතිනී

    නොවැම්බර් 27, 2015

    රටේ පවතින ප‍්‍රශ්නවලට පාරට බැහැලා උද්ඝෝෂණ කරන කලාවක් දැන් ආරම්භ වෙලා තිබෙන නමුත් උද්ඝෝෂණ කරලා රටේ ප‍්‍රශ්න විසඳන්න බැරි බවත් ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමේදී සාකච්ඡා කරලා ප‍්‍රශ්න විසඳගන්න හැකි බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    ඒ මහත්මිය මේ බව ප‍්‍රකාශ කළේ, ‘I Roads :ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන‘ යටතේ නිවිතිගල ආසනයේ  කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිදුරුපිටිය හන්දියේ සිට වත්තහේන පිටකැළේ මාර්ගය කාපට්කිරීමේ උත්සවයට එක්වෙමිනි.

     

    මෙම I Roads වැඩසටහන යටතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පාරවල් 38ක් සංවර්ධනය කිරීමට නියමිතය. රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  මාර්ග 2ක්ද, කුරුවිට මාර්ග 2ක්ද, ඇහැලියගොඩ මාර්ග 2ක්, කිරිඇල්ල මාර්ග 3ක්, අයගම මාර්ග 2ක්, ඇලපාත මාර්ගයක්, පැල්මඩුල්ල මාර්ග 4ක්,  ඕපනායක මාර්ගයක්, වැලිගෙපොල මාර්ගයක්, බලංගොඩ මාර්ගයක්, ඉඹුල්පේ මාර්ග 4ක්, නිවිතිගල මාර්ගයක්, කොලොන්න මාර්ග 2ක්, ඇඹිලිපිටිය මාර්ගයක්, ගොඩකවෙල මාර්ග 2ක්, කහවත්ත මාර්ග 4ක් ඉදිකිරීමට නියමිතයි.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

    “පසුගිය කාලයේ අවුරුදු 20 තුළ මේ නිවිතිගල ආසනයේ මොකුත්ම සංවර්ධන වැඩ කළේ නැහැ. බස් නැවතුම්පළක් නෑ, ක්‍රීඩා පිටියක් නෑ, නගර සංවර්ධන කටයුතු කිසිත් කරලා නෑ. නමුත් අපේ ආණ්ඩුව හදලා එක දවසින් පාරවල් හදන්න කියලා උද්ඝෝෂණය කරනවා. නමුත් අපි කියන්නේ උද්ඝෝෂණය කළා කියලා මේ ප‍්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නෑ. අපි දන්නවා පසුගිය කාලේ මේ රටේ සියළු තීන්දු තීරණ ගත්තේ එක පවුලක් විසින්. නමුත් දැන් පවුලක් විසින් තීන්දු තීරණ ගන්න ඒවා නැවත සිදුවෙන්නේ නෑ. අපේ අගමැතිතුමායි ජනාධිපතිතුමායි කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලයි සියළු තීන්දු තීරණ ගන්නේ.”

     

    පහුගිය කාලේ පළාත් සභාවේ කරපු වැඩ ගැන අපි සතුටු වෙන්නේ නෑ. පළාත් සභාවේ වැඩ වෙන්නේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන නෙවෙයි. බොරුවට ලොකු බෝඩ් ගහලා, ලොකු සද්දයක් දාලා වැඩ පටන් ගන්නවා. නමුත් ඒවායේ ප‍්‍රථිඵලයක් නෑ. අන්තිමේදී කරපු දෙයකුත් නෑ. අපි ඒවගේ වැඩ කරන්නේ නෑ.” යනුවෙන් සඳහන් කළාය.

     

    thalatha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya