සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සැමරුම් උළෙලේ දී මව්බිම වෙනුවෙන් දිවිපිදු, ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් සබරගමුව පළාතේ රණ විරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වනු ලබන උත්තමාචාර පෙළපාළියක් ද පැවැත්වේ.
මෙම උළෙලට ආබාධිත රණ විරුවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සහභාගිවීමට නියමිතය. මව්බිම වෙනුවෙන් දිවි පිදු රණ විරුවන්ගේ දෙමාපියන් රණ විරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.
මෙම සැමරුම් උළෙල සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රණ විරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සංවිධානය කරයි.
DB



















