ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රැකියා අපේක්ෂිතයන් වෙනුවෙන් රැකියා සේවා වැඩසටහනක්

    දෙසැම්බර් 01, 2015
    කම්කරු සබඳතා අමාත්‍යංශයේ මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් මහජන රැකියා මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන රැකියා සේවා වැඩසටහන පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර  මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
    මෙම  වැඩසටහන සදහා දිවයිනේ ප්‍රධාන පෙලේ පෞද්ගලික අංශයේ ආයතන මෙන්ම රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 350 ක් පමණ සහභාගී වි සිටියහ.මෙහිදී එම තරුණ තරුණියන් සියල්ලන්ම සම්මුඛ පරීක්ෂණයකට ලක් කළ අතර සුදුසු අය රැකියා ගැන්වීම සදහා තෝරා ගන්නා ලදී.
     
    මෙම වැඩසටහනට පැමිණි තරුණ තරුණියන් ආකල්ප සංවර්ධනය සදහා කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා විසින් දේශනයක් ද පවත්වන ලදී.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya