ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පලාලි ප‍්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට ගුවන් හමුදාවෙන් ආධාර

    දෙසැම්බර් 03, 2015

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ප‍්‍රජාසත්කාරක වැඩසටහනක් පසුගියදා (30) පලාලි ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

    ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මගපෙන්වීම මත පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරීතුමාගේ මෙහෙයවීමෙන් මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන දියත් කරන ලදී.

     

    පලාලි ප‍්‍රදේශයේ හඳුනාගත් අඩු පහසුකම් වලින් සමන්විත පාසල් දෙකක් වන කුඩ්ඩියාපුලම් මහා විද්‍යාලය සහ පෙන්තලේ කඩ්ඩුවාන් මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් 150 දෙනෙකු වෙත පාසල් පාවහන් සහ පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලදී.

     

    ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිප දෙනෙකු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් හර්ෂ නානායක්කාර, පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වත්සලා නානායක්කාර මහත්මිය, ගුවන් හමුදා නිලධාරීනන්, සෙසු නිලයන්, දෙමව්පියන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya