ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා හදබිම් අධිකාරියේ නිරික්ෂණ චාරිකාවක

    දෙසැම්බර් 04, 2015
    අනාගත කෘෂිකාර්මික සංවර්ධනය සදහා ගත හැකි සෑම පියවරක්ම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් වත්මන් රජය ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා  පැවසිය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගන්නෝරුවේ පිහිටි ශ්‍රි හදබිම අධිකාරියේ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙසේද පැවසිය.කෘෂිකාර්මික අංශ‍යේ නිෂ්පාදනය වැඩි කිරිම සදහා පවතින යාන්ත්‍රණය තුළ ඒ ඒ භුමිවල ඵලදායිතාවය නැංවිය යුතුයි.ඒ වගේම නව තාක්ෂණය කෘෂිකාර්මික පර්යේෂණ වැඩි දියුණු කළ ගුණාත්මක භාවයෙන් යුතු බිජ සහ රෝපණ ද්‍රව්‍ය ජල කළමණාකරණය වැනි දේවල් වැදගත් වෙනවා. දළ දේශිය නිෂ්පාදනයට කෘෂිකර්මය දක්වන දායකත්වය වර්තමානයේ  10% ක් පමණ වුවද එය වැඩි කිරිමට අප කටයුතු කරනවා.අප රටේ ජනගහනයෙන් 70 % කට වැඩි ප්‍රමාණයක් ග්‍රාමිය ප්‍රදේශවල ජිවත්වන අතර 28% ක ප්‍රමාණයක් කෘෂිකාර්මක ආශ්‍රිත රැකියාවල යෙදි සිටිනවා.ඉදිරි අය වැය තුළින් වැඩි මුදල් ප්‍රමාණයක් කෘෂිකර්ම ක්ෂේත්‍රය සදහා වෙන් කිරිමට කටයුතු යොදා තිබෙනවා.හදබිම අධීකාරිය මගින් කන්ද උඩරට ජනතාවට මහත් සේවයක් සිදුකරන අතර විශේෂයෙන් පාංශු ඛාදනය වැළැක්විම සදහා ගෙන යන වැඩිපිළිවෙල තව තවත් සක්‍රිය මට්ටමට ගෙන ඒමට හැකිනම් එය වඩාත් සුදුසු වේවි.අතර මැදියන්ගෙන් තොරව ගොවි ජනතාවගේ නිෂ්පාදන හදබිම අධිකාරිය හරහා පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගැනිමට හැකිවිමත් හොද ක්‍රියාවලියක් ඒ වගේම වස විසෙන් තොරව එලවලු පළතුරු ආදිය වැඩි වශයෙන් වගා කිරිමට ගොවින් පෙළඹිය යුතුයි.
     
    අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ අපේ රටේම නිෂ්පාදනය කළ යුතුයි.පිටරටවලට විශාල මුදල් ඇදි යන්නේ ආහාර ද්‍රව්‍ය මෙරටට ආනනයන කිරිමටයි. වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති ජාතික ආහාර නිෂ්පාදන තුන් අවුරුදු සැලසුමට අනුව අපිට සිදු කළ යුතු කාර්යන් විශාල ප්‍රමාණයක් තියෙනවා.ඒ තුළින් හදබිම අධිකාරියටත් විශාල කාර්ය භාරයක් පවතින බවද අමාත්‍යවරයා පැවසිය.
     
    අමාත්‍යවරයා නිලධාරින් සමග සකච්ඡාවක නිරත වු අතර හදබිම අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන අලෙවි සැල් කිහිපයක්ද නිරික්ෂණය කළේය.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya