ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍ය දයා ගමගේ, යෝජිත ත්‍රිකුණාමලේ ධීවර අධිකලාපයේ සංචාරයක

    දෙසැම්බර් 09, 2015

    යෝජිත ත්‍රිකුණාමලය ධීවර අධිකලාප කලාපය පසුගියදා (09) ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

    මෙම අවස්ථාවට, මෙම ව්‍යාපෘතීන් හි ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් අල්රිච් ෂ්මිට්, ජෝසෆ් අර්න්ස්බර්ගර් සහ මදූර් ගෞතම් යන මහත්වරුන් ද සහභාගී වූහ.
     
     
    ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදනවල හා ජාත්‍යන්තර තරගකාරීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සේවා සහ පහසුකම් සැපයීම වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් යෝජනා කර ඇති ධීවර අධිකලාප ගණන 11කි.
     
     
    ඉහළ ජාත්‍යන්තර ඉල්ලුමක් ඇති ධීවර නිෂ්පාදන ඇති කිරීම හා ගෝලීය අවශ්‍යතාවට සුදුසු පරිදි අගය එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙම ධීවර කලාප මඟින් තවදුරටත් අපේක්ෂා කෙරේ.
     
     
    ධීවර සහ කෘෂිකාර්මික අධිකලාප ඇති කිරීම සඳහා 2016 වසර සඳහා වන අයවැය මඟින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට ද යෝජනා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya