ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    විදේශගත ශ්‍රමිකයින් අද ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා

    දෙසැම්බර් 10, 2015

    - විදේශ රැකියා ඇමැතිනි

     

    වර්තමානයේ විදේශගත ශ්‍රමිකයින් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වී ඇති බවත් විදේශගත ශ්‍රි ලාංකිකයින් විසින් රුපියල් බිලියන 7.5කට අධික විදේශ විනිමය  ප්‍රමාණයක් වාර්ෂිකව උපයා දෙන බවත්  විදේශ රැකියා ඇමතිනි  තලතා අතුකෝරළ මහත්මිය පවසයි.  එබැවින් ලංකාවේ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සඳහා  ඔවුන් උපයා දෙන මුදල් වි‍ශාල ආයෝජනයක් බවද  වැඩිදුරටත් ඇය පැවසුවාය.  

    අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ  ශ්‍රි ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කළ  විදේශ රැකියාවන් හි නිරත දෙමාපියන් ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

     

    විදේශගත ශ්‍රමික පවුල්වල දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමෙන් බලාපොරොත්තු වන්නේ එම පිරිසට අගයක් ලබාදීම බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය වත්මන් රජය මගින් ඔවුන් ඇගැයීමේ කාර්යය තවදුරටත් පුළුල් කරන බවත් පෙන්වා දෙන ලදී.  ඒ අනුව ඉදිරියේදි පාසල් අධ්‍යාපනයේ දී දුර්වලතා  දක්වන විදේශ ශ්‍රමික පවුල්වල දරුවන් කෙරෙහි ද  අවධානය යොමු කිරීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව පෙන්වා දුන් ඇය එය එළඹෙන වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන බව ද වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

     

    මධ්‍යම පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්ක‍යේ විගමනික පවුල්වල දූ දරුවන්  440 ක් වෙනුවෙන් මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකෙරිණි. පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් 211ක්, අපොස  සා.පෙළ සමත්  189 දෙනෙකු, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන  සිසුන් 40 දෙනෙකු වෙනුවෙන්  පිළිවෙලින්  රුපියල් 15,000ක්, 20,000ක් හා 30,000 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකෙරිණී.

     

    පොල්ගොල්ල මහින්ද රාපක්ෂ  ශ්‍රවණාගාරයේදී  පෙරේදා (08) පැවැති  මෙම උත්සවය සඳහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින්  සහ විගමණික පවුල්වල සමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

     

    SDF/dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya