ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    කොතළාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නව ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත වේ

    දෙසැම්බර් 11, 2015

    රත්මලාන කඳවලවත්ත පිහිටි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතළාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ වේරහැර පිහිටි ශික්‍ෂණ රෝහලෙහි නව ශිෂ්‍ය නේවාසිකාගාරය සහ රෝගීන්ගේ අමුත්තන් ගේ නවාතැන් සඳහා වෙන්වුන නව ගොඩනැගිල්ල විවෘත කිරීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදෑසන (10) සිදුවිය. මේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද සහභාගි විය.

    වේරහැර පිහිටි එම රෝහල් පරිශ්‍රයට පැමිණ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතා විසින් සාදරයෙන් පිළිගෙන කැඳවාගෙන යන ලදී. නව ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලේ පීත්ත පටිය කැපීමෙන් අනතුරුව සමරු ඵලකය විවෘත කල අතර අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ආගමික වතාවත් සඳහා සහභාග විය. ආගමික වතාවත් වලින් අනතුරුව නව ගොඩනැගිල්ල සහ එහි පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්‍ෂණය කරන ලදී. රෝගින්ගේ අමුත්තන් සඳහා නවාතැන් පහසුකම් සපයන නව ගොඩනැගිල්ල විවෘත කරනු ලැබුයේ ඉන් අනතුරුවයි.

     

    උත්සවය අවසානයේ කොතළාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද සිදුවූ අතර අනතුරුව අමාත්‍යවරයා විශේෂ අමුත්තන් සඳහා වන පොතෙහි සටහනක් තැබීමටද අමතක නොකළේය.

     

    මේ අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා, අමාත්‍යාංශ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාග වී සිටියහ.

     

    State Minister declares open new facilities at KDU 20151210 03p6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya