ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ දිස්ත්‍රික්කයේ නිෂ්පාදන වෙනත් දිස්ත්‍රික්කවලට හඳුන්වා දීමට පියවර

    දෙසැම්බර් 11, 2015

    මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්වය වැඩි දියුණු කරමින් වෙළදපල අවස්ථා වැඩි කිරිම සදහා වෙනත් දිස්ත්‍රික්කවලට ඔවුන්ගේ නිෂ්පාදන හඳුන්වා දිමට කටයුතු කරන බවත් මෙම නිෂ්පාදනවල ගුණාත්මක තත්වය වැඩි දියුණු කිරිම සඳහා රාජ්‍ය මට්ටමින් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව මාතලේ මහ දිසාපති නීල් ද අල්විස් මහතා පැවසීය.

    දිසාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා (09) මාතලේ බෞද්ධ මන්දිර ශාලාවේ පැවති විජාතා මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට සහභාගි වූ අවස්ථාවේ දීය.

     

    දිස්ත්‍රික්කය තුළ සිටින සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනිම සඳහා නගරයේ ස්ථානයක් ඉදිරි මාස කිහිපය තුළ සකස් කරන බවත් ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම්, තාක්ෂණය, පුහුණුව, වෙළඳපොළ ලබා දීමට තමා කටයුතු කරන බවත් ඔවුන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කරමින් යන බවත් ඒ තුළින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා වැඩි කිරිමට තමා කටයුතු කරන බවත් දිසාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශිය ලේකම් කේ.පී.එල්.පී මධුවන්ති මහත්මිය දිස්ත්‍රික්කයේ විද්‍යා හා තාක්ෂණික නිලධාරින් සහ ව්‍යවසායකයින් රැසක් සහභාගි වූහ.

     

    SDF/dmu_Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya