ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මැසි උවදුර පිළිබඳ දීප ව්‍යාප්ත වැඩ සටහනක්

    දෙසැම්බර් 12, 2015
    පළතුරු මැස්සා සහ ඉල් මැස්සා පිළිබද දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් ඊට අදාල පෝස්ටර් හා පත්‍රිකා සියළුම නිලධාරීන්ට ලබා දී ඇති බවත් සෑම කෘෂිකර්ම කමිටුවකදීම මේ පිළිබද ජනතාව දැනුවත් කරන බවත් කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ජී.එස්.රත්නපාල මහත්මිය පැවසුවාය.
    කෘෂිකර්ම  අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළ කළේ පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
     
    2015 සංවර්ධන වානිජ ගොවිපල වැඩසටහන යටතේ සීතාවක, හෝමාගම, කඩුවෙල,මහරගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වාණිජ මට්ටමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන ප්‍රතිලාභීන් සදහා සියයට පණහක රජයේ දායකත්වය යටතේ ප්‍රතිපාදන ලබා දුන් නමුත් මේ අයගේ සුදුසුකම් අසම්පූර්ණ වීම මත අයදුම්කරුවන්ගෙන් වැඩිදෙනෙක් ඉවත් වන බවත් අධ්‍යක්ෂවරිය මෙහිදී සදහන් කළා ය.
     
    තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ අවුරුදු 40 ට අඩු කෘෂිකර්මාන්තයේ යෙදීමට කැමති තරුණ තරුණියන් හදුනා ගත යුතු වුවද කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර වගාවට  ඔවුන් වැඩි කැමැත්තක් නොමැති බවත් මල් වගාව හා පටක රෝපණය පිළිබද ඔවුන් තුළ වැඩි ඉල්ලුමක් පවතින බවත් මෙයට අමතරව පළතුරු නව තවාන්කරුවන් හදුනාගෙන ඇති බවත් අධ්‍යක්ෂවරිය පැවසුවා ය.
     
    මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා සහකාර දිස්ත්‍රික් ලේකම් දිල්රුක්ෂි වල්පොළ මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya