ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ආරක්‍ෂක මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය දෙසැ. 17 වෙනිදා

    දෙසැම්බර් 13, 2015

    බටලන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරී පාඨමාලා 9 යට අයත් උපාධි ප්‍රධානොත්සව ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල ශ්‍රවනාගාරයේදී දෙසැම්බර් මස 17 වෙනි දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව පසුගියදා (දෙසැ.10) සන්ධ්‍යාවේ කොල්ලුපිටිය ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක දී ආරක්‍ෂක මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා පැවසීය.

    මෙවර උපාධි ප්‍රධානොත්සවයේදී නිලධාරීන් 114 දෙනෙකු සිය උපාධි ලැබීමට නියමිතය. ඒ අතර ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් නිලධාරීන් 60 දෙනෙක්, නාවික හමුදාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිලධාරීන් 19 දෙනා බැගින් වන අතර විදේශ රටවලට අයත් නිලධාරීන් 15 දෙනෙක් ද වේ.

     

    මේ මාධ්‍ය හමුවට ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ යුධ හමුදා ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් ධනන්ජිත් කරුණාරත්න ගුවන් හමුදා ප්‍රධාන උපදේශක ගුවන් කොමදෝරු සම්පත් තුයියාකොන්තේ, නාවික හමුදා ප්‍රධාන උපදේශක නාවික කොමදෝරු රෝහිත පෙරේරා, බ්‍රිගේඩියර් ප්‍රතාප් තිලකරත්න සහ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර යන මහත්වරුන් සහභාග වූහ.

     

    තරග විභාගයක් මගින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වසරක පූර්ණ කාලින උපාධි පාඨමාලාවක් සඳහා නිලධාරීන් තෝරා ගන්නා අතර එම පාඨමාලාව සාර්ථකව නිම කිරීම ත්‍රිවිධ හමුදා නිලධාරියෙක් හට ලබා ගතහැකි ඉහළම වෘත්තීය සුදුසුකමක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya