ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    බෙන්තොට සංචාරක ව්‍යාපෘතියෙන් රැකියා 8,000ක්

    දෙසැම්බර් 16, 2015

    ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක ව්‍යාපෘතිය වශයෙන් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බෙන්තොට සංචාරක ව්‍යාපෘතියේ පළමු අදියරෙන් පමණක් රැකියා 8,000ක් පමණ නිර්මාණය වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    බෙන්තර පසුගියදා පැවති උත්සවයක් අමතමින් ‍ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර සංචාරක ව්‍යාපෘතියේ වැඩි ප්‍රතිලාභ දකුණු පළාතේ ජනතාවට හිමි වන බව ද සඳහන් කළේය.

    වර්තමානයේ ශ්‍රී ලංකාවට නව විදේශ ආයෝජන ගලා එමින් පවතින බවත්, රටේ වර්තමානයේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය තුළ ඔවුන්ට නිර්භයව මෙරටෙහි ආයෝජනය කිරීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    විදේශ ආයෝජකයින් මෙරටට පැමිණිමේ දී ඔවුන්ගේ ආයෝජනයන් ඔස්සේ මෙරට ජනතාවට රැකියා කොපමණ උත්පාදනය වන්නේද? ජනතාවට අත්වන වෙනත් වාසි අවාසි පිළිබඳ සැලකිමත් වෙමින් විදේශ ආයෝජකයින්ට මෙරට ආයෝජන අවස්ථා ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙම විදේශ ආයෝජකයන්ට රටේ විවිධ ප්‍රදේශවල ආයෝජනය කළ හැකි විවිධ වූ කර්මාන්ත හඳුන්වා දෙමින් ආයෝජකයින් දිරිමත් කිරීමට පියවර ගන්නා බවයි.

    මෙම නව සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ ජනතාවට පෙරටත් වඩා ප්‍රතිලාභ අත්කර දීමට බලාපොරොත්තු බව ප්‍රකාශ කළ ඒ මහතා එහි දී මෙම සංවර්ධන ව්‍යාපෘති මඟින් කොමිස් මුදල් ලබාගැනීමට උත්සාහ දරන ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya