ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ ග්‍රාමීය ළමා ආරක්ෂණ කමිටු නිලධාරීන් දැනුවත් කෙරේ

    දෙසැම්බර් 17, 2015
    ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ළමා ආරක්ෂණ කමිටු දැනුවත් කිරීමක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ළමා සංවර්ධනය සඳහා ග්‍රාමීය ළමාරක්ෂණ කමිටු නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳ දේශනයක් පවත්වන ලදී. ළමයා පිළිබඳ ලෝක තත්ත්වය, ළමා අයිතිවාසිකම්, ළමා අපයෝජනය යනු කුමක්ද? ළමා අපයෝජනයේ විශේෂ ලක්ෂණ, ළමා අයිතිවාසිකම් හා සම්බන්ධ ලෝක හා දේශීය නීති පිළිබඳව මෙහිදී පැහැදිලි කරන ලදී.
     
    ළමා අපයෝජනය හා වර්තමානයේ අපයෝජනය සිදුවන ආකාරය හා එයින් සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්ය ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ප්‍රසාද් බාලචන්ද්‍ර මහතා විසින් ළමා ආරක්ෂණ කමිටු නිලධාරීන් දැනුවත් කරන ලදී.
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් අසන්ත ගුණසේකර, සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්.පී.පී.ඉන්දික යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ ළමා ආරක්ෂණ කමිටු නිලධාරීන් සහභාගී වූහ.
     
    AP/DMU- Gampaha
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya