ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කිරීමට පියවර

    දෙසැම්බර් 17, 2015

    රජය 2016 අයවැය මඟින් වෙන්කළ සමස්ත ණය ප්‍රමාණයෙන් 5%ක් කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසාකයින් සඳහා වෙන් කර තිබෙන බවත් කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයේ සභාපති රිෆා මුස්තාෆා මහත්මිය පැවසුවාය.

    ඒ අනුව 'ආර්ථික වර්ධනය කිරීමට ඇයට ණය දෙන්න' යන ව්‍යපෘතිය පිළිගැනීම මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසාකයින්ගේ ව්‍යාපාරවල මූල්‍යමය තත්ත්වය ඉහළ නැංවීමට සහ බැංකුවලින් මුදල් ලබාගැනීමේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු මහරවා ගැනීමට හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.

     

    වාණිජ මණඩලයේ සාමාජිකාවන්ට පමණක් නොව රටේ සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසාකයින්ට නව ආරම්භයක් ලබාදීම මෙන්ම රටේ දියුණුව වේගවත් කිරීම වෙනුවෙන් මෙය වැදගත් පියවරක් බව ඇය සඳහන් කළාය.

     

    කාන්තාවන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා තව තවත් ආයෝජනය කර ඒවා වැඩි දියුණු කරගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවත් එය ජාතික ආර්ථිකයට ඍජුවම බලපාන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya