ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ සිට පුහුණුවක් නැතිව රට රැකියා වලට යාම තහනම් - රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර

    දෙසැම්බර් 21, 2015

    පුහුණුව නොලබා රැකියා සඳහා විදේශ ගත වීම ලබන වසරේ අග සිට තහනම් කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    ඇමැතිවරයා එසේ පැවසුවේ නිපුණතා සංවර්ධන අධිකාරිය යටතේ රූපලාවණ්‍ය පාඨමාලා හෑදෑරූ කාන්තාවන් පිරිසකට සහතික පත් බෙදාදීම සඳහා මාදම්පේ, නදුන් උයන හෝටලයේ පැවති උත්සවයකදීය.

     

    විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ඇතුළුව දේශීයව රැකියා සඳහා එක්වන ශ්‍රම බලකායට වෘත්තීය පුහුණුව ලබා දීමේදී ආණ්ඩුව "අසමත්" වී ඇති බවත් මෙම තත්වය මග හරවා ගැනීම සඳහා 2016 වසරේදී 110,000 ක් දෙනා හට වෘත්තීය පුහුණුව ලබා දීම තම අමාත්‍යංශයේ ඉලක්කය බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

     

    මෙසේ රැකියා පුහුණු කිරීමේ කාර්යයේ දී තරුණ සේවා සභාව හා විදේශ රැකියා කාර්යාංශය තම අමාත්‍යංශයට සහය දක්වන බවත් කී ඇමැතිවරයා මෙවර අයවැයෙන් වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා රුපියල් මිලියන 15000ක මුදලක් වෙන් කර ඇති බවත් ප්‍රකාශ කළේය .  

                                                        
    ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය.

     

    “මේ ඉලක්කය ජයගන්න ලංකාව පුරා ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 07ක් හදන්න අපි සැලසුම් කරල තිබෙනවා. සාගර විශ්වවිද්‍යාලයේ ශාඛාවක් අපි ළඟදීම පුත්තලමට ගේනවා. සාගර විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය පාඨමාලාවක් හදාරා පිටව යන අයෙකුගේ ආරම්භක වැටුප පමණක් රුපියල් ලක්ෂයක්.

     

    මේ අනුව වෘත්තීය පුහුණුව ශක්තිමත් කර 2016 වසරේ අග භාගය වන විට පුහුණුවක් නැතිව රට රැකියාවලට යාම තහනම් කරන නීති ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya