ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ කුඩා ව්‍යාපාර අලෙවි ප්‍රදර්ශණය

    දෙසැම්බර් 22, 2015
     
    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ මාතලේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය මඟින් සංවිධානය කරන ලද  අලෙවි ප්‍රදර්ශණය මාතලේ බෞද්ධ මන්දීර ශ්‍රවණාගාරයේ දී පසුගියදා ආරම්භ විය.මෙම වෙළඳ ප්‍රදර්ශණය දෙසැ. 23 වන දින දක්වා පැවැත්වේ.
    මෙහි සමාරම්භක අවස්ථාවට එක් වූ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා ව්‍යාපාරික ප්‍රජාව අමතා කියා සිටියේ තමා විසින් ම භාණ්ඩ නිෂ්පාදනය කර ගැනිම සහ  තමා ම අලෙවි කර ගැනිම විශේෂ වූ අවස්ථාවක් බවත් ඒ නිසා අතරමැදි ග්‍රහණයට අසු නොවිමත් නිසා භාණ්ඩයේ මිල අඩු විමත් විශේෂයක් බවත්  පැවසීය.
     
    භාණ්ඩ මිල දී ගැනිමේදී විශේෂයෙන් පාරිභෝගිකයින් කල් ඉකුත් වන දිනයට පෙර නිෂ්පාදිත දිනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඒ තුළින් නැවුම් ආහාර කෙරෙහි පාරිභෝගික ඉල්ලුම වැඩි බවත් ඔබගේ නිෂ්පාදන නැවුම් නිෂ්පාදන වන තරමට අලෙවිය හා වෙළඳපල ජයගැනිමේ අවස්ථා වැඩි බවත් පැවසීය.
     
    භාණ්ඩ අලෙවිය සඳහා ඇසුරුම් කිරිමේ දී ආකර්ශණිය ලෙස ඇසුරුම් සකස් කළ යුතු අතර ලේබල් හා ප්‍රදර්ශණය කිරිමේ දී පාරිභෝගික රුචිය හඳුනාගෙන කටයුතු කිරිම හා  නව තාක්ෂණික දැනුම හා පිරිවැය අවම වන නිෂ්පාදන ක්‍රමවේද භාවිතා කිරිම තුළින්  නිෂ්පාදනවලට ඇති ඉල්ලුම වැඩ වන බවද විජේතිලක මහතා වැඩි දුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට එක් වූ මාතලේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ ජයන්ත ධනපාල මහතා කියා සිටියේ ව්‍යාපාරිකයින් හඳුනා ගැනිමේදී ඔවුන් නව නිෂ්පාදන ආරම්භ කරන්නන් සහ දැනට ව්‍යාපාර කරගෙන යන්නන් වශයෙන් හඳුනාගන්නා බවත් ඔවුන් වෙනුවෙන් තාක්ෂණික දැනුම කළමණාකරන දැනුම, අලෙවි උපදේශකත්වය නිරන්තරවම ලබා 
    දී ඔවුන් දක්ෂ ව්‍යාපාරිකයින් ලෙස ප්‍රාදේශිය මට්ටමේ සිට ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වාත් ගෙන යාම අපේ අරමුණ බවයි.
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya