ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

    දෙසැම්බර් 23, 2015
     
    2015 වර්ෂයේ අවසන් කෘෂිකර්ම කමිටු රැස්වීම පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
    මෙහිදී විශේෂ අවධානය යොමු වුයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පරිභෝජනය සඳහා වගා කෙරෙන එළවළු සහ පළතුරු පිළිබඳවයි. මෙහි වගා කෙරෙන එළවළු සහ පළතුරු ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවන හෙයින්  එම ප්‍රමාණය 2016 වර්ෂය වන විට යම් පමණකින් හෝ ප්‍රවර්ධනය කරලීමට කටයුතු සැලසුම් කල යුතු බවයි. 
     
    මෙයට සමගාමීව දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතීත්වය දරනු ලබන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද සහභාගී වී සිටියහ.
     
    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ භෝග ව්‍යාපෘතීන් තුළදී දැනට භෝග වගා කරනු ලබන ගෘහස්ථ ගොවිමහතුන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතු බවයි. එමෙන් ම නාගරික බල ප්‍රදේශයන් ආශ්‍රිතව ගෘහස්ථ බෝග වගාවන් ඇති කිරීමට නව වැඩසටහනක් ආරම්භ කල යුතු බවට ද ඒ මහතා යෝජනා කළේය.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya