ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මාතර සිට බෙලිඅත්ත - කනව දුම්රිය මාර්ගය ඉදිකිරීමට සැලසුම්

    දෙසැම්බර් 26, 2015

    මගී හා භාණ්ඩ ප‍්‍රවාහනයේදී දුම්රිය සේවාව මගින් ඉටු කරනු ලබන දායකත්වය කාර්යක්ෂම කිරීම සඳහා දුම්රිය මාර්ග ජාලයට එක්කළ යුතු කොටසක් ලෙස මාතර සිට බෙලිඅත්ත - කනව දුම්රිය මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    ප්‍රවාහන හ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසන අන්දමට,කිලෝමීටර් 120 ක් පමණ දිගින් යුතු මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු අදියර  තුනකින් නිම කිරීමට අපේක්ෂිතය.


    එහිදී පළමු අදියර වශයෙන් මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කිලෝමීටරයක්, දෙවන අදියර වශයෙන් බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා හා මත්තල සිට  හම්බන්තොට දක්වා කිලෝමීටර් 63 ක්ද, තුන්වන අදියර වශයෙන් හම්බන්තොට සිට කතරගම දක්වා කි.මීටර 30 ක්ද ලෙස ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට යෝජිතව ඇත.

     

    මාතර සිට බෙලිඅත්ත දක්වා වූ ඉදිකිරීම් සඳහා 2015 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 11,800 ක ප‍්‍රතිපාදන වෙන්කරනු ලැබ ඇත. දේශීය අරමුදල් යටතේ 2015 වර්ෂය සඳහා රුපියල් මිලියන 500 මුදලක් වෙන්කර ඇති අතර 2015 අපේ‍්‍රල් 01 දක්වා මිලියන 402 ක වියදමක් දරා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya