ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනවාරියේ දී මුළු පොලොන්නරුවටම විදුලි බලය

    දෙසැම්බර් 28, 2015


    දිවයිනටම විදුලිය ලබාදීමේ "රටම එළියයි අදුර දුරලයි" ජාතික විදුලි සත්කාරක සේවාව යටතේ 100% ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයට විදුලිය ලබාදීමේ ජාතික වැඩසටහන එළඹෙන ජනවාරි මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    පොලොන්නරුව, දිඹුලාගල ඇල්ලේවැව ප්‍රදේශයේ පැවති "රටම එළියයි අදුර දුරලයි" ජාතික විදුලි සත්කාරක සේවාවේ ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ජනවාරි මස 10 වන දින වන විට මෙම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වන බැවින් දැනට ප්‍රායෝගික ගැටලු මතු වී ඇති අංශ සඳහා කඩිනම් විසඳුම් ලබාගෙන අදාළ කටයුතු කඩිනමින් ඉටුකරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා, න්‍යාධිකාරී එන්. සී. වික්‍ර‍මසේකර මහතා ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරින්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya