ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ආගමික හා රුක් රෝපණ වැඩසටහන් රැසක් මාතර දී

    ජනවාරි 05, 2016
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් රටට ජාතියට සෙත් පතා පැවැත්වෙන බෝධි පූජා, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා, සර්වාගමික වැඩසටහන් සහ රුක් රෝපණ වැඩසටහන් රැසක් ජනවාරි 08 දින මාතර දිස්ත්‍රික්කයේ දී පැවැත් වේ.
    එදින පෙ.ව. 9.00 ට බණ්ඩත්තර - මාගල්ලාගොඩ ඇල රක්ෂිතයේ දී සහ මාතර වෙරළ තීරයේ දී දිස්ත්‍රික් රුක් රෝපණ වැඩසටහන් පැවැත්වේ.
     
    දිස්ත්‍රික්  බෞද්ධාගමික වැඩසටහන් අතර රාත්‍රී 8.00 ට මාතර ඓතිහාසික  බෝධි රාජයා අභියස දී බෝධි පූජා වැඩසටහනක් ද රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා පසුදින උදෑසන මහා සංඝ රත්නය විෂයේ හීල් දානය පිරිනැමීම ද සිදු කෙරේ.  ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය පෙ.ව. 11.00 ට මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානයේ දී ද හින්දු ආගමික විශේෂ ආශිර්වාද පූජාව මධ්‍යාහ්න 12.00 ට දෙණියාය ශ්‍රී ශිව සුබ්‍රමනියම් කෝවිලේ දී ද ඉස්ලාම් ආගමික වතාවත් ප.ව. 1.15  ට මාතර - කොටුවේගොඩ ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ද සිදු කෙරේ.
     
    මෙම ආගමික වැඩසටහන් සහ රුක් රෝපණ වැඩසටහන් සඳහා දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය හා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි සර්වාගමික වැඩසටහන් හා පාසල්, රාජ්‍ය ආයතන හා රක්ෂිත ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya