ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුරට උසස් පෙළ විද්‍යා විෂයයන් සහිත ද්‍රවිඩ පාසලක්

    ජනවාරි 08, 2016
    රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ කැඳවිමෙන් සම සභාපතිවරුන් වන පාර්ලීමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග සහ සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි  පැවැත්විණි.
    මෙහිදි දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තු වැඩසටහන්, දිස්ත්‍රික් දිවිනැගුම වැඩසටහන්, පළාත් සභා සංවර්ධන,දිස්ත්‍රික් ඉඩම් සංවර්ධන වැඩසටහන්වල 2015 වර්ෂයේ ප්‍රගතිය ඉදිරිපත් කෙරිණි.
     
    මෙයට අමතරව ප්‍රාදේශිය සංවර්ධනය අරමුණු කර ගනිමින් කර්මාන්තපුර පිහිටුවිම,නව ශීතාගාරයක් ඉදිකිරිම, දේශිය ආහාර නිෂ්පාදන වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, පරිසර සංරක්ෂණ වැඩසටහන් 2016 වර්ෂයේදි ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
     
    තවද රත්නපුර දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය විසින් දිස්ත්‍රික් සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරිමද මෙහිදී සිදුවිය.පාර්ලීමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින් රත්නපුර නව නගරයේ උසස් පෙළ විද්‍යා විෂයයන් සහිත ද්‍රවිඩ පාසලක් ආරම්භ කිරිම සඳහා යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.
     
    මෙම වසර තුලදි සෑම දිස්ත්‍රික්කයකම එක් ද්‍රවිඩ මාධ්‍ය පාසලක් ආරම්භ කිරිමට රජය සැලසුම් කර ඇති බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.රත්නපුරයේ ඉදිකෙරෙන පාසල සඳහා  සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඉල්ලා සිටි අතර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගෙන් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරි කමිටු රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.
     
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya