ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජනපති පදවි ප්‍රාප්තිය සමරා රුක් රෝපන වැඩසටහනක් නුවරඑළියේදි.

    ජනවාරි 08, 2016
    ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සම්පූර්ණය වීම නිමිත්තෙන් පැල සිටුවීමේ වැඩසටහනක්  අද දින නුවරඑළිය සහිරා විද්‍යාල පරිශ්‍රයේදි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
    මෙම වැඩ සටහන නුවරඑළිය  දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ උපදෙස් මත දිස්ත්‍රික් පරිසර ඒකකය මගින් සංවිධානය කර තිබු අතර  නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඊට එක්ව සිටිහ. 
     
    මෙහිදි තෝරාගත් පාසල් වෙත පළතුරු පැල බෙදාදීමක්ද  රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණා මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු විය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 05 තුළ ද ජනපති පළමු පදවි ප්‍රාප්තිය සමරා පැල සිටුවීමේ වැඩසටහන්  ක්‍රියාත්මක විය.
     
    මෙයට සමගාමීව ජනපති අතුලු රජයට සෙත්පතා අද සවස නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු ආගමික ස්ථාන රැසක සර්ව ආගමික වතාවත් පැවැත් වීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවසීය.
     
    මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර, නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් සුජිවා බෝධිමාන්න යන මහත්මියන් ඇතුළු රාජ්‍ය නිළධාරින් හා පාසල් ළමුන් විශාල පිරිසක් එක්ව සිටිහ.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya