මෙහි දී නව විදුලි සැපයුමක් ලබා ගැනීම, විදුලි සැපයුමක් විසන්ධි කිරීම හා නැවත සබදතාව ලබා දීම, ඇප තැන්පතු තැබීම, මනුව හා මනුකරණ සම්බන්ධ කාරණා යනාදිය සම්බන්ධව විදුලි පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම් මෙන්ම විදුලි බිල්පත් ලැබීම හා බිල්පත් ගෙවීම, විදුලි පැමිණිලි, සේවා සපයන ආයතනය පරිශ්‍රය වෙත ඇතුළු වීම, විදුලි ගිණුමෙහි වෙනස්කම් සිදුකිරීම, විදුලි බල සැපයුමේ ගුණත්වය සහ ආරක්ෂාව ආදී කාරණා සම්බන්ධව විදුලි පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් පිළිබද මෙහි දී සාකච්ඡා ෙකරිණි.
මේ අවස්ථාව සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක යසන්ත රතුවිතාන හා එම කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ ශාන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.
AP/DMU-Kegalle



















