ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    එක රැයකින් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන විට කිසිවක් ප්‍රකාශ කළේ නෑ -රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ

    ජනවාරි 14, 2016

    එක රැයකින් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන විට කිසිවකක් ප්‍රකාශ නොකළ විපක්ෂයේ පිරිස් අද හැසිරෙන්නේ තොත්ත බබාලා වගේ යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාතලේ දි පැවසිය.

    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ,මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි පවුල් සදහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුව මගින් ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභින් හට භාණ්ඩ ප්‍රදානය කිරිමට අවස්ථාවට එක් වෙමිනි.

     

    මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි සිදු කෙරුණු අතර ප්‍රතිලාභින් 200 දෙනෙකු සදහා රජය විසින් රුපියල් ලක්ෂ 50ක වියදමින් මෙම භාණ්ඩ ලබා දිම සිදු කෙරුණි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙසේ ද පැවසිය. පසුගිය රජයන් වගේ එක් පක්ෂයකට පමණක් සිමා වුණු සංවර්ධනයක් අපි යහපාලන ආණ්ඩුව යටතේ සිදු කරන්නේ නැහැ. විවිධ ආකාරයෙන් මෙම ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවා.සැමට සාධාරණ ලෙස එම ප්‍රතිලාභ ලබා දිමට කටයුතු කරනවා.වර්තමානයේදි ව්‍යවස්ථා සංශෝධනයක් අපි ගෙනවාගනමුත් පසුගිය කාලයේ කළේ ව්‍යවස්ථා විරෝධි වැඩයි.

     

    බලයට තියන කැදරකමට එක් පුද්ගලයෙක් වටා බලය රැස් කරගැනිමට කටයුතු කළා.ඒ නිසා පහළ සිටින පළාත් පාලන ආයතනවල නියෝජිතයාගේ සිට ඉහළම පුද්ගයා දක්වා දුෂණය වංචාව සිදු වුණා.එදා නිතියේ සාධාරණත්වයක් තිබ්බේ නැහැ.වගකිම් විරහිතව කටයුතු කළා.

     

    ඒ නිසා ජනතාවට ලැබිය යුතු සහන නියම පිරිස් හට ලැබුානේ නැහැගනමුත් බලයට කැදැර විපක්ෂයේ පිරිස් විවිධ බොරු මත සමාජයේ වපුරමින් සිටිනවා.අපට හොර රහසේ ව්‍යවස්ථා හදන්න අවශ්‍ය නැහැගසියලුම දේශපාලන පක්ෂ සමග සාකඡ්චා කරනවා.මේ ව්‍යවස්ථා සශෝධනය කරන්නේ ඉතා විවෘතවයි.

     

    ඕනැම අයෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්ගනව ව්‍යවස්ථාව සංශෝධනය කිරිමේදි ජනාධිපතිවරයාගේ බලතල වැඩි ප්‍රමාණයක් පාර්ලිමෙන්තුවට ලැබෙන ලෙසයි කටයුතු කර තියෙන්නේ.ජනාධිපති බලතල වැඩි කර ගත්තා ඒ කටයුතු කරන විට අද කැගහන අය මොකුත් කිවේ නැහැ.දේශිය අවශ්‍යතා ඉටුකරන අපේ රටේ ජනතාව විසින් නිර්මාණය කරන දේශීය ව්‍යවස්ථාවක් ලංකා ඉතිහාසයේ පළමු වරට බිහිවන බවද අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.

     

    මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක ගාමිණි කොස්තාලමාතලේ ප්‍රාදේශිය ලේකම් කේ.පි.එල් මධුවන්ති යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

    DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya