ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පල්ලේකැ‍ලේ එලිමහන් සිර කදවුරු පරිශ්‍රයේ නව ඉදි කිරීම්

    ජනවාරි 16, 2016
    පල්ලේකැලේ එළිමහන් සිරකදවුරු පරිශ්‍රය තුළ ඉදි කරන ලද බෞද්ධ විහාර පරිශ්‍රය, ශිල්ප සභා නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය සහ නිලධාරින්ගේ නිවාඩු නිකේතනය  ජනවාරී 18 වැනි දින පෙ.ව. 10.00 ට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු  අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. 
    පල්ලේකැලේ එළිමහන් සිරකදවුරු පරිශ්‍රය තුළ ඉදි කොට ඇති මෙම සියළු ඉදි කිරීම් බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධක සංගමයෙන් සහ රැදවියන්ගේ ශ්‍රමයෙන් උපයාගත් මුදලින් සිදු කර තිබීම මෙහි විශේෂත්වයකි.
     
    රැදවියන්ගේ අත්කම් නිර්මාණ ඇතුලත් ශිල්ප සභා නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය සදහා මිලියන 06 ක මුදලක් වැය කොට ඇති අතර, බෞද්ධ විහාර පරිශ්‍රය සදහා ලක්ෂ 06 ක මුදලක් වැය‍ කොට ඇත.
     
    නිලධාරින්ගේ නිවාඩු නිකේතනය සදහා රැදවියන්ගේ ශ්‍රමයට අමතරව, බන්ධනාගාර නිලධරින්ගේ සුභ සාධක සංගමය සහ බන්ධනාගාර නිලධාරින්ගේ මූල්‍යමය පරිත්‍යාග යොදවා ඇති අතර, ඒ සදහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන13 කි.
     
    .
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya