ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධන ව්‍යාපෘති සිසු අයිතියට

    ජනවාරි 18, 2016

    අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය විසින් පසුගිය දා විවෘත කරනු ලැබුවාය.

     

    මේ අනුව, දෙහිඅත්තකණ්ඩිය සූරියපොකුණ ද්විතික පාසලේ අභිනවයෙන් ඉදිකළ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    දැනුම් කේන්ද්‍රීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රාථමික හා ද්විතික පාසල් ආශ්‍රිත ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවට සමඟාමීව, රජයේ මුදල් ප්‍රතිපාදන යොදවමින් මෙම තාක්ෂණික විද්‍යාගාරය ඉදි කර තිබේ.

     

    මේ අතර, රුපියල් මිලියනයක වියදමින් අම්පාර ගාමිණී විද්‍යාලය අසළ සේනානායකපුර ක්‍රිඩාංගනයේ ඉදිකළ ක්‍රීඩා මණ්ඩපය ද අනෝමා ගමගේ මැතිණිය අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

     

    දොරින් දොරට ගමින් ගමට, ගම් 15,000ක් නගා සිටුවීමේ රජයේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දියත් විය. ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීම සඳහා ගත වූ කාලය මාස දෙකකි.

     

    අම්පාර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සිසුන්ට ඉතිරි කිරීමේ ගුණය පුරුදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක 'කැට' බෙදා දීමේ වැඩසටහනකට ද නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සහභාගී වූවාය.ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා සම්බන්ධවෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya