දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පලකලේ,රත්නපුර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය මගින් සංවිධානය කරන ලද ”ආපදාවකට පෙර සූදානම පිළිබඳ” නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුවකදීය.
තවදුරටත් කතාකල දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා, ආපදාවකට ලක්විය හැකි ප්‍රජාවගේ හැසිරිම,පූර්ව දැනුම් දීම ඒ අවස්ථාවේ පවත්නා සම්බන්ධිකරණය ප්‍රමාණවත්ද, ආපදාවක් ඇති වන ස්ථාන හා දේපල හානි සැලසුම් කරන ක්‍රමවේදය කෙසේද යන්න පිළිබඳව මනා සම්බන්ධිකරණයක අවශ්‍යතාවය අත්‍යාවශ්‍ය වන බව ප්‍රකාශ කලේය.
රත්නපුර ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ පි.එම්.එම්.බණ්ඩාර අදහස් දක්වමින්, ආපදා පූර්ව සුදානම් වැඩ සටහන රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික් 7 ක මෙම මස 28 වන දින ක්‍රියාත්මක කෙරෙනවා.ආපදාවකදී ඇති වන හානිය අවම කර ගැනිම සඳහා මනා සැලසුම්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා.ඒ සඳහා අනු කමිටු 5 ක් තුල ක්‍රියා කාරීත්වය සිදුවන බවද පැවසීය.
AP/DMU-Ratnapura