ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සුබසාධන ව්‍යාපෘති 2703ක් නිමයි

    ජනවාරි 22, 2016

    සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශ‍ය 2015 වර්ෂ‍යේ දී ව්‍යාපෘති 2703ක් නිම කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ගීතාංජලී බණ්ඩාරණායක මහත්මිය ප්‍රකාශ කළාය.

    එතුමිය ‍මේ බව සඳහන් ‍ක‍ළේ පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාල‍යේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු‍වේ දී ය.

     

    ‍‍මෙහි දී ගම් නගා සිටුවී‍මේ වැඩසටහන යට‍තේ ග්‍රාම නිලධාරී වසම් 1610ක ව්‍යාපෘති 2490ක් නිම කර ඇත. ‍දිවි නැඟුම සංවර්ධන වැඩසටහන යට‍ත් ව්‍යාපෘති 50ක්, වකුගඩු ‍‍රෝග නිවාරණය සඳහා පාසැල්වල පානීය ජල පිරිපහදු කිරී‍මේ ව්‍යාපෘති 73ක් , ගම් නඟා සිටු වී‍මේ ව්‍යාපෘති 66ක්, ග්‍රාමීය ප්‍රජා ‍සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරී‍මේ ව්‍යාපෘති 23ක් හා හඳුනාගත් පාසැල් ව්‍යාපෘතියක් වශ‍යෙන් ‍මෙම ව්‍යාපෘති 2703 ක්‍රියාත්මක ‍කොට ඇති බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය.

    DMU/kuru

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya