ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාසැල් 140 ක් සඳහා රුපියල් මිලියන 2 ක් බැගින් ලබා දේ

    ජනවාරි 25, 2016
    උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කළ පාසැල් 140 ක විද්‍යා අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සදහා රුපියල් මිලියන 2 
    බැගින් මුල්‍ය ප්‍රදානයන් ලබා දීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද අමාත්‍යංශ 
    ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
    ද්විතියික පාසල් 1,000 ක් සංවර්ධනය කිරීමේ වැඩ සටහන යටතේ මෙම පාසැල් වල විද්‍යාගාර ,විද්‍යා කාමර සකස් කිරීම 
    විදුලිය හා ජලය ලබා ගැනීම හා අලුත්වැඩියාවන් ඇතුළු පාසලේ භෞතික අවශ්‍යතා සංවර්ධනය කිරීම සදහා මෙම මුදල 
    යෙදවීමට නියමිතය.
     
    මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ,මෙලෙස පාසල් දසදහසක අඩුපාඩු ඉතා ඉක්මනින් 
    සකසා දීමට බලාපොරොත්තු වන බව පැවසීය.
     
    එසේම ගුරුහිඟයට පිළියමක් ලෙස හැකි ඉක්මනින් ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ගුරුවරුන් පුහුණු කිරීම 
    සදහා මාදිවෙල ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර  ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    එමෙන්ම පාසැල් දියුණු කරන විදුහල්පතිවරුන් වෙත දේශීය මෙන්ම  විදේශීය පුහුණුව ලබා දීමටද බලාපොරොත්තු වන 
    බවත් ඔවුන් දිරිමත් කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
     
    AP
     
      
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya