ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ මහනුවර දිස්ත්‍රික් වැඩ සටහන

    ජනවාරි 26, 2016
     
    ව්‍යායාම් වල නිරතවීමේදී සුදුසු පාවහන් යුගලක් නොපැළදීම වෙනත් රෝග රැසකට හේතු විය හැකි බව මහනුවර මහ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනප්‍රසාද් විජේතුංග මහතා පවසයි.
    වර්තමානයේදී බෝ නොවන රෝග වලින් ආරක්ෂාවීම සදහා ව්‍යායාම කිරීමේ අවශ්‍යතාවය ගැන දැනුවත්ව සිටියත් වැඩි පිරිසක් මේ පිළිබද දැනුවත්ව නැති බවද ඔහු පෙන්වා දෙන ලදී. වෛද්‍ය නිලධාරීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (25) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
     
    ජන මාධ්‍ය ඇතුළු වෙනත් දැනුවත් කිරීමේ වැඩසටහන් නිසා අද මෙරට බොහෝ පිරිසක් ශරීරයට ව්‍යායාම අවශ්‍ය බවට අවබෝධ කර ගෙන ඇති බව පැවසූ වෛද්‍ය නිලධාරිවරයා පෙරට වඩා සැලකිය යුතු පිරිසක් අද වන විට ව්‍යායාම වල නියැලීමට උනන්දුවක් දක්වන බව පැවසීය. මුදල් අය කොට පවත්වාගෙන යන ශරීර සුවතා ඒකක සදහා විශාලා මුදල් වැය කරමින් ඇතැමුන් සහභාගී වන්නේද මෙම දැනුවත් කිරීම නිසා බව පෙන්වා දුන් ඒ මහතා, මහා මාර්ග වල උදේ සහ සවස් කාලයේ ඇවිදීමට උනන්දුවන පිරිස දුටු විටද ඒ ගැන තහවුරු වන බව පැවසීය.
     
    ව්‍යායාම කිරීම පිළිබද එවැනි උනන්දුවක් පැවතියත් ව්‍යායාම වල නිරත වන විට ඊට සහභාගී විය යුතු ආකාරය ගැන තවමත් මෙරට වැඩි දෙනෙක් නිවැරදි අවබෝධයක නැති බව ඔහු තව දුරටත් පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම ව්‍යායාම් වල නිරත වන විට සැරසී සිටිය යුතු ඇදුම් පැළදුම් ගැන වැඩි දෙනෙක් උනන්දු නොවන බව පැවසූ වෛද්‍ය නිලධාරිවරයා ඇතැමුන් සාමාන්‍ය රබර් ‍සෙරෙප්පු පැළද ව්‍යායාම් වල නිරතවන අවස්ථාද දැක ඇති බව පෙන්වා දෙන ලදී. 
     
    නමුත් එවැනි සාමාන්‍ය පාවහන් සහ ඇදුම් පැළදුම් භාවිතා කිරීමේදී ශරි‍රයේ වෙනත් අතුරු ආබාධ රැසකට හේතුවිය හැකි බැවින් හැකිතාක් එවැනි ක්‍රම වලින් වලකින ලෙසද ඔහු දැනුම් දෙන ලදී. ව්‍යායාම් වල නිරතවන උපදේශකයන්ගෙන් ඒ පිළිබද අවබෝධයක් ලබා ගත හැකි බවද වෛද්‍ය නිලධාරිවරයා මෙහිදී දැනුම් දෙන ලදී.
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya