ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    බංගලාදේශ් තානාපති උතුරු මැද පළාත් සභා මහ ඇමති හමුවක්

    මැයි 31, 2014

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ බංගලාදේශ තානාපති මොහොමඩ් සෆ්පිර් රහමාන් මහතා ඊයේ (30) පස්වරුවේ පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේදි සිදු කළ ද්විපාර්ශවීය සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය කළේය.


    මෙහිදී උතුරු මැද පළාතේ ඉතා ඉහළ මට්ටමින් මිරිදිය කර්මාන්තය සඳහා සම්පත් තිබුණද එරටේ ක‍්‍රියාත්මක මිරිදිය මත්ස්‍ය කර්මාන්ත තාක්‍ෂණයෙන් සියයට තිහක (30%) පමණ අඩු ප‍්‍රමාණයක් උතුරු මැද පළාතේ ක‍්‍රියාත්මක වන බව පෙන්වා දුන් බංගලාදේශ තානාපතිවරයා ශ‍්‍රී ලාංකීයයන් බංගලාදේශයට රැගෙන ගොස් එම තාක්‍ෂණික දැනුම පළාත් සභාවට ලබා දීමට එකඟත්වය ද පළ කළේය.


    එමෙන්ම ආසියාවෙන්ම ඉතා ඉහළ මට්ටමේ දේශීය වෛද්‍ය ක‍්‍රමයක් තම රටේ ඇති බව ද ඒ සඳහා ද ශ‍්‍රී ලංකා සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ ඉදිරියේ දී විශේෂ හුවමාරු වැඩසටහන් කීපයක් ක‍්‍රියාත්මක කරන බව ද තානාපතිවරයා සඳහන් කළේය. එහි ප‍්‍ර‍්‍රතිඵල උතුරු මැද පළාතට ද ඍජුවම ලබා ගත හැකි බවට රහමාන් මහතා පැවසීය.


    අත්යන්ත‍්‍ර කර්මාන්ත හා කෘෂිකර්මාන්ත වැඩසටහන සඳහා ද බංගලාදේශ රජය හා උතුරු මැද පළාත අතර සිදු කිරීමට එකඟත්වය මෙහිදී පළ විය.


    ඉතා කිට්ටු හිතවත්කමක් ශ‍්‍රී ලංකාව සමග පවත්වාගෙන යන බංගලාදේශ රජයට පළාත් සභාවටත් දිය හැකි උපරිම සහය ලබා දිය හැකි බව ද සාකච්ඡාවට එක් වූ ප‍්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මෙහිදී තානාපතිවරයාට පැවැසීය.


    බංගලාදේශයේ සිට කොළඹට නොගොස් ත‍්‍රීකුණාමලයට පැමිණීමෙන් කිලෝමීටර් හාරසීයක (400) දුරකින් පැමිණිය හැකි බව ද කොළඹ හරහා පැමිණෙන්නේ නම් කිලෝමීටර් ප‍්‍රමාණය හාර දහසක (4000) නාවික දුරක් යායුතු බව ද පෙන්වා දුන් බංගලාදේශ් නියෝජිත කණ්ඩායම ඒ සඳහා ද සහය දක්වන ලෙස ප‍්‍රධාන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. එසේ වුවහොත් ඉදිරියේ දී උතුරු මැද පළාත සමග සමීප සම්බන්ධයක් පවත්වා ගැනීමට හැකි බව ද ඔවුහු පෙන්වා දුන්හ. ඒ සඳහා එකඟත්වය පළ කළ ප‍්‍රධාන ඇමැතිවරයා මධ්‍යම රජයේ මැදිහත්වීම ඒ සඳහා සිදුකර දිය හැකි බව පැවසීය.


    මෙහිදී බංගලාදේශ තානාපති මොහොමඞ් රහමාන් මහතා සහ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් ද සිදු කළහ.


    මේ අවස්ථාවට උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත් ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න, නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ සභාපති ගීත් ගුණසේකර යන මහත්වරුද එක්වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya