ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව මහජන අදහස් විමසීම 10 සහ 11 මාතර දී

    පෙබරවාරි 06, 2016
    ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා වන දිස්ත්‍රික් මට්ටමේ හමුවීම පෙබරවාරි 10 සහ 11 දෙදින තුළ පෙ.ව. 9.30 සිට ප.ව.4.30 දක්වා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.
     
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව මහජන අදහස්  ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවක් පත්කර ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ මහ ජනතාවට තම අදහස් වාචිකව හෝ ලිඛිතව මෙම අදහස් විමසීමේ කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
     
    මෙම කමිටුව වෙත ලැබෙන මහජන අදහස් සහ යෝජනා ඇසුරින් විශේෂ වාර්තාවක් සකස් කොට නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සකස් කිරිම සඳහා, එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya