ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රිලවුන්ගෙන් වන වගා හානිය වැළැක්වීමට පියවර ගැනේ

    පෙබරවාරි 11, 2016
    රිලවුන්ගෙන් වන වගා හානිය  කෑගල්ල දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු දිවයින පුරාම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් , රිලවුන්ගේ ගහණය වැඩිවිම හේතුවෙන් කෝටි ගණනක ජාතික  ධනය අහිමි වී යන  බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්. එම්. අබේවික්‍රම වනසුරිය මහතා පැවසීය. 
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා පැවති  දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අමතමිනි. 
     
    රිලවුන්ගේ මෙම ගැටළුව සදහා මුලික වශයෙන් බලපා ඇත්තේ අක්‍රමවත් ලෙස කැලි කසල බැහැර කිරිම නිසා බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ පශු වෛද්‍ය  ඩබ්. එච්. රණසිංහ මහතා මෙහිදී පැවසීය.  මෙම රිලවුන්ගේ ගහණය මැඩලීම සදහා කෙටි කාලීන ක්‍රමයක් ලෙස ආරක්ෂිත ස්ථානයකට එනම් උඩවලව හෝ විල්පත්තුව අභය භූමියට ඔවුන්ගේ වාසස්ථානය වෙනස් කිරිම සිදුකල යුතුයි. 
     
    දිගු කාලීන ක්‍රමයක් ලෙස වන්ද්‍යකරණය යටතේ සැත්කම් සහ රසයනික ද්‍රව්‍ය එන්නත් කිරිමේ ක්‍රමවේදය අනුගමනය කල යුතු යයිද  ඒ මහතා තවදුරටත් පැවසීය. 
     
    පිරිමි සතුන් පමණක් තෝරාගෙන කැඩ්මියම්  ක්ලෝරයිඩ් සහ පෙරස් සල්පේට්  යන ඖෂධ එන්නත් කිරීමේ ක්‍රමය වඩා සාර්ථක බවත්  ඒ සදහා කඩිනමින් කටයුතු සම්පාදනය කරන බව  මෙහිදී අදහස් දක්වමින් කෑගල්ල  දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා පැවසිය.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya