ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඌව පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    පෙබරවාරි 15, 2016
    ඌව පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බදුල්ල තැපැල් සංකීර්ණ ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි.
    බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්කයන්හි වත්මන් තත්වය, ලබාගත යුතු ඉලක්කයන්, අපේක්‍ෂිත සංවර්ධන කාර්යයන් හා ඒ සම්බන්ධයෙන් ඇති ගැටළු ද මෙහිදී ඒ ඒ දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා අදාළ මැති ඇමතිවරුන් විසින් අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ සම්බන්ධ ගන්නා පියවර පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා විසින් පැහැදිළි කරනු ලැබීය. 
     
    ඌව පළාත් ආණ්ඩුකාරවර එම්.පී. ජයසිංහ, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමණ්ඩාර, වාරිමාර්ග අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, ඌව ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ්, බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් හා මොණරාගල දිස්ත‍්‍රික් ලේකම් ඞී.එස්.පත්මකුලසූරිය මහත්මිය යන අය  මෙහිදී අදහස් දැක්වූ අතර තවත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හා පළාත් සභා මැති ඇමතිවරුන්ද පළාතේ රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    මෙම රැස්වීම අවසානයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්  විශේෂ මාධ්‍ය හමුවක්ද බදුල්ල හෙරිටේජ් හෝටලයේදී පවත්වනු ලැබීය.
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya