ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වකුගඩු රෝගය පවතින ප්‍රදේශවලට පිරිසිදු පානීය ජල ව්‍යාපෘති 39 ක්

    පෙබරවාරි 16, 2016
    පුර නැගුම වැඩ සටහන යටතේ ජල ව්‍යාපෘති 2 ක් ජනපති ප්‍රධානත්වයෙන් පසුගියදා වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී හා හිගුරක්ගොඩ කුමාරගමදීත් ආරම්භ විය.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රුපියල් බිලියන හතන වියදමින් ජල ව්‍යාපෘති 39 ක් දිස්ත්‍රික් පහක ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
     
    ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ  මෙම ව්‍යාපාති ක්‍රියාත්මක කෙරේ. මෙහි පළමු අදියර යටතේ  උතුරු මැද පළාතේ වැලිකන්ද ,හිගුරක්ගොඩ තමන්කඩුව හා මිහින්තලේ ජල ව්‍යාපෘති 5ක්ද මහියංගනය, විල්ගමුව, හා වයඹ පළාතේ නිකවැරටිය ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.
     
    දෙවන අදියර යටතේ තිරප්පනේ කැකිරාව තමන්කඩුව ,හිගුරක්ගොඩ , සහ මිහින්තලේ සහ ඉබ්බාගමුව යන ප්‍රදේශයන්හි ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
     
    තුන්වන අදියර යටතේ උතුරුමැද ,මධ්‍යම ,වයඹ හා ඌව පළාත්වල කැකිරාව තමන්කඩුව හිගුරක්ගොඩ ,නුවර ගම්පළාත, පදවිය, කැබිතිගොල්ලෑව, දඹුල්ල, මාතලේ ගනේවත්ත,නිකවැරටිය ගල්ගමුව, කරුවලගස්වැව්, තබ්බෝව,මහියංගනය, තණමල්විල බුත්තල, හා රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හිද මේ යටතේ ජල ව්‍යාපෘති ආරම්භ වීමට නියමිතය.
    AP
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya