ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර නගරය සංවර්ධනයට විශේෂ අධිකාරියක්

    පෙබරවාරි 24, 2016
    මහනුවර නගරය සංවර්ධනය ‍කිරීම සදහා අගමැතිවරයා යටතේ  අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. 
    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් රුපියල් බිලියන 22 වියදමින් ඉදිකරන  අපජල ව්‍යාපෘති‍යේ පිරිසිදු කිරිමේ ඒකකයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 
     
    බෝගම්බර බන්ධනාගාරය පිහිටි පරිශ්‍රයේ  එළිමහන් රංගපීඨයක්  සහිතව සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් වැඩි දියුණු කිරිමට  මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සදහා ගොඩනැගිලි නිර්මාණ කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බවත් මීට අමතරව ජපන් රජයේ ආධාර ඇතිව මහනුවර නගරය ඉතා අලංකාරවත් නගරයක්  ලෙස  වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා අග්‍රාමාත්‍යවරයා ජපන් රජය සමග සාකච්ඡා කොට එකගතා ඇති කර ගෙන තිබෙන බවද වැඩි දුරටත් පවසයි.
     
    එසේම මහනුවර නගර‍යේ මහයියාව ප්‍රදේශයේ පවතින පැල්පත් නිවාස වෙනුවට මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට සැලසුම් කොට තිබෙන බවද හෙතෙම පැවසීය. මෙම ව්‍යාපෘතියට සමගාමීව පුද්ගලික නිවාස 500 කට වැසිකිලි  ඉදිකිරිමටත්, අධිනාගරික ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින්  පොදු නාන ස්ථාන හා පොදු වැසිකිලි ඉදිකිරීමටත් නියමිතය.  මෙම අපජල ව්‍යාපෘතිය නිමවීමත් සමග මහනුවර නගරයේ පවත්නා නිවාස හා ආයතන 12,600 ක්  මගින් ඉවත් කරනු ලබන අප ජලය පිරිපහදුවට ලක්කෙරෙනු ඇත. 
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya